Thursday, October 17, 2013

අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද ?

අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද ?? What do you know about the hidden cables under the sea feeding the world's internet?

මොකක්ද මේ??
මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ?


ආහ්...
තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය..
අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොමද එන්නේ කියාලා හොයනවා අඩුයි නේ...
බොහෝමත් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා තියෙන චන්ද්රිකා මාර්ගයෙන් කියලා..
සමහර අය හිතන්නේ ශ්රී ලංකා ටෙලිකෝම් ආයතනයෙන් නේද කියලා...

ඇත්ත කතාව නම් මේ අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..
ඒක කටයුතු කරගෙන යන්නේ අන්තර්ජාතික දුරකතන සමාගම හෙවත් International Telecom සමාගමයි..

ඔවුන්ගේ නිල වෙබ් අඩවිය මෙතනින් වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන්..

ඉතින් මේ හදන්නේ මේ සබ්මැරීන කේබල් මාර්ගය ගැනයි..
මේවා ආරක්ෂා කරගන්නේ කෝහොමද කොච්චර දේවල් මේ තුල වෙනවද කියලා පොඩි විස්තරයක් ගේන්න තමා...
තොරතුරු හා පින්තුර හා සැබැදි සියල්ල සොයාගත්තේ අන්තර්ජාලයෙන්මයි..
කියවලා බලලා අදහසක් දාලාම යන්න කියලා ඉල්ලා සිටිනවා..

ලොව කාර්ය බහුලම අන්තර්ජාල කේබල් මාර්ගය වන්නේ
ලන්ඩනය හා ඇමරිකාවේ නිව්යෝර්ක් අතරයි.
එයට කේබල 09 සවිවී සෑදි ඇති අතර ඉහත ජායාරෑපයෙන් දැක්වෙනුයේ එය ඉවත් කරමින් එම කේබල් 09 වෙනුවට අලුතින්ම වේගවත්ව දත්ත ගෙන යාමට Apollo නැමති සමාගම
විසින් හදුන්වා දුන්


OLAC-4 SPDA නැමති නවතම කේබලයයි.



කේබලයේ වටිනාකම දක්වා ඇත්තේ පවුම් මිලියන 250 ක් වශයෙනි.එය බ්රිතාන් කෝර්නිෂ් වෙරලේ සිට සැතපුම් 3800ක් දුරින් වු නිව්යෝර්ක් නුවර දක්වා මුහුද යටින් දිවෙයි.
මෙහි වෙරලේ ඇති මධ්යස්ථානය ඉතා රහසිගතව පිහිටුවා ඇත්තේ ත්රස්ත්රවාදි ප්රහාර ආදිය වැලක්වීම සඳහායි.
ලොව අන්තර්ජාල කේබල් ජාලයේ වැදගත්ම ස්ථානයක්
( Hub ) එකක් ලෙස මෙය හදුන්වයි.
මේ තියෙන්නේ ලෝකයේ අන්තර්ජාලය ගෙන යන කේබල පද්ධතිය විහිද ඇති ආකාරයයි.

දන්නවාද ශ්රී ලංකාව සම්බන්ධ වෙලා තියෙන කේබලයේ නම ??
මෙන්න නම ටිකක් දිගයි..
SEA-ME-WE- 4 හෙවත්
South East Asia - Middle East-West Europe 4 යන්නයි.


මෙතනින් ගියොත් එහි නිල වෙබ් අඩවිය හා තවත් විස්තර බලන්න පුළුවන්..
ශ්රී ලංකා ටෙලිකෝම් සමාගමේ ලාංජනයත් තියෙනවා..

මෙන්න මෙතනින් ගියොත් රට රටවලට යන මේ කේබල හදුන්වන සංකේත නාම ඔක්කෝම බලාගන්න පුළුවන්..

Apollo සමාගම හදුන්වා දුන් මේ නවීන කේබලය නිවසේ පාවිච්චි කරන හෝස් එකක් තරමේ වුවත් තුල බණ්ඩල 08 ක් තුල වු කෙස් ගසක් පමන ප්රමාණයේ කේබල 192 ක් ඇත.



කුඩා වුවත් එහි එකවර මිලියන 20 භාවිත කිරිමේ හැකියාව
...








කුඩා වුවත් එහි එකවර මිලියන 20 භාවිත කිරිමේ හැකියාව ඇති දත්ත ප්රමාණයක් ගමන් කරයි. ලේසර් කිරණ මගින් මේ හරහා දත්ත ගමන් කිරීම සිදුවන අතර තත්පරයට මෙහි 3.2 Tbps ගමන් කරන අතර නැවත පැමිනි දුරත් සමඟ සැතපුම් 7600 ක් වු සැතපුම් ගණන සම්පුර්ණ කිරීමට
ගතවන්නේ තත්පර 0.00072 පමණි.

මේ මධ්යස්ථානයට මාසික විදුලි බිල පවුම් 25,000 පමණ වේ.

සැතපුම් 30 කට එකක් වන ලෙස ගෙන යන දත්ත ප්රමාණයේ
ශක්තිය වැඩි කර පවත්වා

1 comment:

  1. අන්තර්ජාලය ලොවට බෙදන කේබල්....

    ReplyDelete