ප්‍රාග් ඓතිහාසික යුගය
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකාවේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.
ඓතිහාසික යුගය
ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.යටත් විජිත යුගය
වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතර තුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.නවීන යුගය
ලංකා රාජධානිය
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය
කොටි ත්‍රස්තවාදය
අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.ශ්‍රී ලංකාවේ පුරාවස්තු
ස්වභාවික ව්‍යසන
ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසන අවම රටකි. නමුත් වර්ශාව නිසා ඇතිවන ව්‍යසන නිතර දැකිය හැක. ක්‍රි.ව. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ සුනාමිය ව්‍යසනය ශ්‍රී ලංකාවේ වාර්තාගත දරුණුතම ස්වභාවික ව්‍යසනය වේ.ශාක සහ සත්ත්ව සංහතිය
විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නොකරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.ශ්‍රී ලංකාවේ උප බෙදීම්
පළාත්
ශ්‍රි ලංකාව පළාත් 9කට බෙදා දේශපාලන බලය විමධ්‍යගතකර ඇත.පරිපාලන දිස්ත්‍රික්ක
ශ්‍රී ලංකාව පරිපාලනය දිස්ත්‍රික් 25ක් වශයෙනි.ජනතාව
ජනගහණය
සමාජය
බහු සංස්කෘතිකමය රටකි. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජාතිකයෝ වේ. රාජ්‍ය ආගම බුද්ධාගමය. පෙරදිග සංස්කෘතියට අනුගත සමාජයකි.ජාතීන්
සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී විවිධ ජාතින් ජීවත්වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.භාෂා
සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.ආගම්
ප්‍රධාන ආගම බුදු දහම වේ.- බුද්ධාගම සහ පුරාණ හෙල ඇදහිලි
- හින්දු
- රෝමානු කතෝලික
- ක්‍රිස්තියානි
- ඉස්ලාම්
බොජුන්
ජාතික ආහාරය බත් වේ. - (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.)දේශපාලනය
ප්‍රධාන දේශපාලන පක්‍ෂ
තනි පක්‍ෂ
- ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
- එක්සත් ජාතික පක්‍ෂය
- ජනතා විමුකිති පෙරමුණ
හවුල් සංධාන
- එක්සත් ජනතා නිදහස් සංධානය
- එක්සත් ජාතික පෙරමුණ
- ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය
අධ්‍යාපනය
ආර්ථිකය
සමාජවාදී සහ ධනවාදී ලක්‍ෂණ මිශ්‍ර ආරිථික ක්‍රමයක් පවතී. මූල්කවම කෘෂිකාර්මික රටකි.කෘෂීකර්මය
දේශීය පරිභෝජනය සඳහා
- වී ගොවිතැන
- පොල් වගාව
අපනයන බෝග
- ශ්‍රී ලංකාවේ තේ
- රබර්
- කුළු බඩු
කර්මාන්ත
සාම්ප්‍රදායික කර්මාන්ත
- ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය
- හස්ත කර්මාන්ත
නව කර්මාන්ත
ස්වභාවික පරිසරය
- ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්
- ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ
- ශ්‍රී ලංකාවට ආවේනික ක්ෂීරපායීන්
- දියඇලි
ක්‍රීඩා
සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරල අසබඩ ද, නිසල ජල තටාක වලද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශ සංචාරකයන්ගේද සිත් පැහැර ගනී.
No comments:
Post a Comment